මීර්පූර් ක්‍රීඩාංගනයට දඩුවම් ලකුණක් පනවයි

Date:

බංග්ලාදේශයේ මීර්පූර්හී දී පැවැති බංග්ලාදේශ-නවසීලන්ත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා යොදා ගත් තණතීරුව ‘අසතුටුදායක’ මට්ටමක පැවැති බවට (‘unsatisfactory’) තරග තීරකවරයා විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

තරග තීරක ඩේවිඩ් බූන් විසින් ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) වෙත ලබා දුන් වාර්තාවේ ඒ බව සදහන් කර ඇති බවයි අයි.සී.සීය නිවේදනය කළේ.

ඒ අනුව මීර්පූර් ක්‍රීඩාංගනය වෙත එක් දඩුවම් ලකුණක් ද (demerit point) පැනවීමට පියවර ගෙන තිබෙනවා.

මීට පෙර අයි.සී.සීය විසින් තරගයකින් පසුව ක්‍රීඩාංගනවල තත්ත්වය “very good”, “good”, “average”, “below average”, “poor” හා “unfit” යන වචන ඔස්සේ ශ්‍රේණිගත කළ පසුබිමක මෙම ක්‍රීඩාංගනයට unsatisfactory යන ශ්‍රේණිගත කිරීම ලබා දීම කැපී පෙනෙනවා.

ක්‍රීඩාංගනයකට ලබා දෙන දඩුවම් ලකුණු වසර පහක කාලයක් වලංගු වන අතර, දඩුවම් ලකුණු ප්‍රමාණය 6 දක්වා ඉහළ ගිය අවස්ථාවක එම ක්‍රීඩාංගනයේ ජාත්‍යන්තර තරග පැවැත්වීම වසරක කාලයකට අත්හිටුවනු ලබනවා.

දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය කඩුලු 4ක ජයක් වාර්තා කළ අතර, එම තරගය මෑත කාලයේ දී දක්නට ලැබුණු කෙටිම (පන්දුවාර සංඛ්‍යාව අනුව) ටෙස්ට් තරගයක් බවට පත් වුණා.

මෙම තරගයේ දී පන්දු යවන්නන් දවා ගත් කඩුලු 35 න් කඩුලු 30 ක්ම දැවී ගියේ දග පන්දු යවන්නන් ඉදිරියේ යි.

දෙවැනි හා තෙවැනි දිනයට වර්ෂාවෙන් හා අයහපත් ආලෝක තත්ත්වයෙන් දැඩි බලපෑම් එල්ල වූ පසුබිමක වුවද තරගය ක්‍රියාත්මක වූයේ සිව්වැනි දිනය දක්වා පමණයි. වර්ෂාව හේතුවෙන් දෙවැනි දිනය සම්පූර්ණයෙන්ම අත්හැර දැමුණා.

අවසන් වරට එම ක්‍රීඩාංගනයට දඩුවම් ලකුණක් ලබා දී තිබුණේ 2018 වසරේ දී ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති ටෙස්ට් තරගයකින් පසුවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...