ක්‍රිකට් අතුරු කමිටුව අහෝසි කිරීමේ ගැසට් පත්‍රය මෙන්න

Date:

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවමින් ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු වෙනුවෙන් ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීමට ගත් තීරණය අවලංගු කිරීමට අදාළ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කළ අතර, අතුරු කමිටුවක් පත් කිරීමට ගෙන තිබූ තීරණය අවලංගු කිරීමට අදාළ ගැසට් පත්‍රයට තමන් අත්සන් කළ බවයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ.

ජගත් ක්‍රිකට් කවුන්සිලය(අයි.සී.සී) විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීමට ගෙන ඇති තීරණය ඉවත් කර ගැනීමේ අරමුණින් තමන් මෙම පියවර ගත් බව ද ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.

“ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වන මම, 2023 නොවැම්බර් 05 වැනි දිනැති හා අංක 2356/43 දරන අති විශේෂ ගැසට් පත්‍රය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරන අතර එමගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලතල, කාර්යයන් හා රාජකාරී ඉටු කිරීම සදහා පත් කරන ලද අතුරු කමිටුව විසුරුවා හරිනු ඇත.” යනුවෙන් මේ වන විට නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ සදහන්.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් නිකුත් කර ඇති වාර්තාව පිළිබද ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නීතිපතිවරයාට දැනුම් දුන් බව ද හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සිය ට්විටර් පණිවිඩය ඔස්සේ ඊයේ වැඩිදුරටත් සදහන් කර තිබුණා.

අදාළ විගණන වාර්තාව සම්බන්ධයෙන් නිරීක්ෂණය කරන ලෙසට අයි.සී.සීය වෙත ද ලිඛිතව දැනුම් දුන් බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය පසුගිය නොවැම්බර් 05 වන දින සිට අත්හිටුවමින් හා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු වෙනුවෙන් අර්ජුන රණතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් සාමාජිකයින් 7 දෙනෙකුගෙන් සමන්විත අන්තර් පාලන මණ්ඩලයක් පත් කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පියවර ගත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට එල්ල වූ දූෂණ චෝදනා සැලකිල්ලට ගනිමිනුයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...