Watch : මැද ඉන්න ගැලවූ ලහිරු කුමාරගේ සුපිරි පන්දුව

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ 19 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් ස්කොට්ලන්ත ආරම්භක පිතිකරු Matthew Cross ගේ කඩුල්ල දවා ගැනීමට ලහිරු කුමාර අද(27) සමත් වුණා.

බුලවායෝහි Queens Sports Club ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ස්කොට්ලන්ත කණ්ඩායම සමත් වූ අතර, ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 245 ක් පමණයි.

පැතුම් නිස්සංක ලකුණු 75 ක් රැස් කළ අතර, චරිත් අසලංක ලකුණු 63 යි. පන්දු යැවීමේ දී Chris Greaves කඩුලු 4 ක් දවා ගත්තා.

ස්කොට්ලන්ත පිළිතුරු ඉනිමේ පළමු කඩුල්ල ලෙස Cross දැවී ගියේ මුළු ලකුණු පුවරුව ලකුණු 14 ක් ලෙස සටහන්ව තිබියදීයි.

කුමාරගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ඔහු දැවී යන විට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 7 ක්.

කඩුල්ල දැවී ගිය අයුරු පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...