චමරිගේ සුපිරි ශතකය ශ්‍රී ලංකාවට සුපිරි ජයක් හිමි කරයි

Date:

චමරි අතපත්තු වාර්තා කළ විශිෂ්ඨ ශතකය හමුවේ සංචාරක නවසීලන්ත කාන්තා කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 9 ක අනර්ඝ ජයක් වාර්තා කරමින් තරග 3කින් යුත් එක්දින තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද(27) සමත් වුණා.

ගාල්ලේ පැවැති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 28 කට සීමා කෙරුණා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත ක්‍රීඩිකාවන් පන්දුවාර 28 අවසන් කළේ කඩුලු 5 ක් දැවී ලකුණු 170 ක් ලබා ගනිමින්.

Amelia Kerr ලකුණු 40 ක් හා Maddy Green ලකුණු 38 ක් රැස් කළා. Suzie Bates ලකුණු 28 යි.

පන්දු යැවීමේ දී සුගන්දිකා කුමාරි, කවීෂා දිල්හාරි හා ඉනෝකා රණවීර කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 27 ක් අවසානයේ ජයග්‍රාහී ඉලක්කය පසු කළේ එක් කඩුල්ලක් දැවී සිටියදීයි.

ආරම්භක කඩුල්ල සදහා නායිකා චමරි අතපත්තු හා විශ්මි ගුණරත්න අතර ලකුණු 159 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණා. විශ්මි පන්දු 74 කින් ලකුණු 50 ක් ලබා සිටියදී දැවී ගියා.

සිය 7 වැනි එක්දින ශතකය වාර්තා කළ චමරි පන්දු 83 කින් නොදැවී ලකුණු 108 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක් හිමි කර දුන්නා. ඇයගේ ඉනිමට හයේ පහර 5 ක් හා හතරේ පහර 10 ක් ඇතුළත්.

මෙය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම විසින් නවසීලන්ත කණ්ඩායම ජාත්‍යන්තර තරගයකදී පරාජයට පත් කළ පළමු අවස්ථාව වීම විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...