ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 4 ක් සමග සුපිරි 6 වටයට

Date:

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ 19 වැනි තරගයෙන් ස්කොට්ලන්තය පරදා ලකුණු 82 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(27) සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකාව අපරාජිතව සුපිරි 6 වටයට පිවිසෙන අතර, ප්‍රසාද ලකුණු 4 ක් ද සමගිනුයි ඔවුන් එම වටයට පිවිසෙන්නේ. ශ්‍රී ලංකාව මේ වන විට සුපිරි 6 වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට ද සමත්ව තිබෙනවා.

අද තරගයෙන් පරාජයට පත් වූ ස්කොට්ලන්තය සුපිරි 6 වටය සදහා රැගෙන යන්නේ ප්‍රසාද ලකුණු දෙකක් පමණයි. (සුපිරි 6 වටයේ ප්‍රසාද ලකුණු සටහන පහතින්)

බුලවායෝහි Queens Sports Club ක්‍රීඩාංගනයේ දී පැවැති අද තරගයේ කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 245 ක් පමණයි.

පැතුම් නිස්සංක ලකුණු 75 ක් රැස් කළ අතර, චරිත් අසලංක ලකුණු 63 යි. දිමුත් කරුණාරත්න මෙම තරගයේ දී ලකුණු 7 කට දැවී ගිය අතර, කුසල්‍ මෙන්ඩිස් එක් ලකුණට දැවී ගියා.

සධීර සමරවික්‍රම ලකුණු 26 යි. ධනංජය ද සිල්වා ලකුණු 23 ක් ලබා ගත්තා. දසුන් ශානක පළමු පන්දුවෙන්ම දැවී ගිය අතර, වනිදු හසරංග ලකුණු 15 යි. මහීෂ් තීක්ෂණ නොදැවී ලකුණු 16 ක් රැස් කළා. ශ්‍රී ලංකා ඉනිම එක් අවස්ථාවක කඩුලු 4 ක් දැවී ලකුණු 203 ක් ලෙස සටහන්ව තිබූ නමුත්, අවසන් කඩුලු 6 ලකුණු 42 ක් තුළ දැවී යාම හේතුවෙන් දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි වී ගියා.

පන්දු යැවීමේ දී Chris Greaves කඩුලු 4 ක් දවා ගත් අතර, Mark Watt කඩුලු 3 ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්කොට්ලන්තයට පන්දුවාර 29 කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 163 ක් පමණයි.

ආරම්භක පිතිකරු Christopher McBride ලකුණු 29 කට දැවී ගියා. Chris Greaves පන්දු 41 කින් නොදැවී ලකුණු 56 ක් ලබා ගනිමින් අයර්ලන්තය ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා. ඒ, හයේ පහර 2 ක් හා හතරේ පහර 7 ක් ද සමගින්. ඔහු Chris Sole සමග එක්වී 9 වැනි කඩුල්ල සදහා ලකුණු 55 (43) ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක් වෙමින්. එම සම්බන්ධතාවය බිද වැටුණේ Sole ලකුණු 17 කට දුවද්දී දැවී යාමත් සමගයි.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් මහීෂ් තීක්ෂණ කඩුලු 3 ක් ද, වනිදු හසරංග කඩුලු 2 ක් ද බිද හෙලුවා. කසුන් රාජිත, ලහිරු කුමාර හා දසුන් ශානක අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

[team_standings 47779]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...