ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය හෙවත් 20 වැනි තරගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්ය පරදා ලකුණු 138 ක ජයක් වාර්තා කිරීමට අයර්ලන්තය අද(27) සමත් වුණා.
කෙසේ වෙතත්, මෙම කණ්ඩායම් දෙකටම සුපිරි 6 වටය සදහා පිවිසීමට අවස්ථාවක් නොලැබුණු අතර, අයර්ලන්තය මෙම තරගාවලියේ දී ලැබූ පළමු ජය වන්නේ මෙම තරග ජයයි. එමීර් කණ්ඩායමට කිසිදු තරගයක් ජය ගැනීමට හැකි වූයේ නැහැ. (මූලික වටයේ අවසන් ප්රසාද ලකුණු සටහන පහතින්)
බුලවායෝ හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එමීර් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්තය පෝල් ස්ටර්ලින්ග්ගේ විශිෂ්ඨ ශතකයෙන් ශක්තිමත් වෙමින් කඩුලු 4 ක් දැවී ලකුණු 349 ක් ලබා ගත්තා.
ස්ටර්ලින්ග් පන්දු 134 කින් ලකුණු 162 ක් ලබා ගත්තේ හයේ පහර 8 ක් හා හතරේ පහර 15 ක් සමගින්. ඇන්ඩි බල්බර්නි ලකුණු 66 ක් ද, හැරී ටෙක්ටර් ලකුණු 57 ක් ද රැස් කළා.
පන්දු යැවීමේ දී Sanchit Sharma ලකුණු 46 කට කඩුලු 3 ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ එක්සත් අරාබි පිලට පන්දුවාර 39 කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 211 ක් පමණයි.
Muhammad Waseem ලකුණු 45 ක් හා Sanchit Sharma ලකුණු 44 ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී ජොෂ් ලිට්ල්, ඇන්ඩි මැක්බ්රයන්, ජෝර්ජ් ඩොක්රෙල් හා කර්ටිස් කැම්පර් කඩුලු 2 බැගින් බිද හෙලුවා.
[team_standings 47615]
[team_standings 47612]
[team_standings 47779]

