ශ්‍රී ලංකාව ලෝක කුසලානයට සුදුසුකම් ලැබුවහොත් ශ්‍රී ලංකාවේ තරග කාලසටහන මෙන්න

Date:

ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් අද(27) නිවේදනය කළ බව මීට පෙර අප ඔබට තොරතුරු වාර්තා කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලිය සදහා මෙතෙක් සුදුසුකම් ලබා නොමැති බැවින් මෙම තරග කාලසටහනට ශ්‍රී ලංකාව ඇතුළත්ව නැහැ.

මේ දිනවල සිම්බාබ්වේ හී දී පැවැත්වෙන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී පළමු ස්ථාන දෙකෙන් එක් ස්ථානයක් හිමි කරගතහොත් පමණක් ශ්‍රී ලංකාවට ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමි වනවා.

ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබුවහොත් ඔවුන්ව ලෝක කුසලාන තරග කාලසටහනෙහි Qualifier 2 ලෙස සලකන බව ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබුවහොත් ඔවුන් ලෝක කුසලාන තරගාවලිය යටතේ ක්‍රීඩා කරන පළමු තරගය පැවැත්වෙන්නේ ඔක්තෝබර් 7 වැනිදා දිල්ලි හී දී දකුණු අප්‍රිකාවට එරෙහිවයි.

අනතුරුව ශ්‍රී ලංකාව ඔක්තෝබර් 12 වැනිදා පාකිස්තානයට එරෙහිව හයිදරාබාද් හී දී තරග වැදීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන තෙවැනි තරගය ඔක්තෝබර් 16 වැනිදා ඔස්ට්‍රේලියාවට එරෙහිව ලක්නව් හී දී පැවැත්වීමට නියමිතයි.

ඊළග තරගය ද ලක්නව් හී දී ම ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ ඔක්තෝබර් 21 වැනිදායි.  මේ දිනවල පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබන අනෙක් රටට එරෙහිව එම තරගය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ඔක්තෝබර් 26 වැනිදා එංගලන්තයට එරෙහිව බැංගලූරුහී දී ක්‍රීඩා කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන 6 වැනි තරගය පැවැත්වෙන්නේ ඇෆ්ඝනිස්තානයට එරෙහිව ඔක්තෝබර් 30 වැනිදායි. පූනේ හී දී එම තරගය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගය පැවැත්වෙන්නේ නොවැම්බර් දෙවැනිදායි. ඒ, මුම්බායි ක්‍රීඩාංගනයේ දී යි.

නොවැම්බර් 6 වැනිදා ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරගය දිල්ලි හී දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව මූලික වටයේ දී ක්‍රීඩා කරන අවසන් තරගය පැවැත්වෙන්නේ නවසීලන්තයට එරෙහිවයි. නොවැම්බර් 9 වැනිදා බැංගලූරුහී දී එම තරගය පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

සම්පූර්ණ තරග කාලසටහන පිළිබද තොරතුරු සදහා මෙතන ක්ලික් කරන්න

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...