Watch : මදුෂංකගේ කඩුලු ත්‍රිත්වය ශ්‍රී ලංකාවට නොසිතූ ජයක් උරුම කරයි

Date:

තරගයේ අවසන් පන්දුවාරයේදී ඩිල්ෂාන් මදුෂංක බිද හෙලූ කඩුලු ත්‍රිත්වය හමුවේ සිම්බාබ්වේ සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 7ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 6 ක් දැවී ලකුණු 298 ක් ලබා ගත්තා. පැතුම් නිස්සංක ලකුණු 76(92)ක්, ජනිත් ලියනගේ ලකුණු 70(47) ක් හා කමිදු මෙන්ඩිස් ලකුණු 57(36) ක් රැස් කළා.

කුසල් හා පැතුම් අතර දෙවැනි කඩුල්ලට ලකුණු 100 (128) ක සම්බන්ධතාවයක් ද, කමිදු හා ජනිත් අතර 6 වැනි කඩුල්ලට ලකුණු 137 (83) ක සම්බන්ධතාවයක් ද ගොඩ නැගුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ පිලට පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 291 ක් පමණයි.

සිම්බාබ්වේ ඉනිමේ පළමු කඩුලු දෙකම ඉනිමේ පළමු පන්දුවාරයේදීම දවා ගැනීමට අසිත ප්‍රනාන්දු සමත් වුණා. පළමු පන්දුවෙන්ම බ්‍රයන් බෙනට් ලකුණු නොලබා දැවී ගිය අතර, එම පන්දුවාරයේ සිව්වැනි පන්දුවේදී බ්‍රෙන්ඩන් ටේලර් ද ලකුණු නොලබා දැවී ගියා.

කෙසේ වෙතත්, බෙන් කරන් ලකුණු 70 ක් හා ශොන් විලියම්ස් ලකුණු 57 ක් රැස් කරමින් සිම්බාබ්වේ පිල යළි සටනට අවතීර්ණ කළා. ඔවුන් දෙදෙනා තෙවැනි කඩුල්ලට ගොඩ නැගූ සම්බන්ධතාවය ලකුණු 118 (130)ක්.

සිකන්ඩ රාසා හා ටෝනි මුන්යොන්ගා 6 වැනි කඩුල්ලට ලකුණු 128 (115) ක අගනා සම්බන්ධතාවයක් ගොඩ නගමින් සිම්බාබ්වේ පිල තරගයේ ජයග්‍රහනය ආසන්නයටම රැගෙන ගියා.

අවසන් පන්දුවාර දෙකේදී තරගය ජය ගැනීමට ඔවුන්ට ලකුණු 17 ක් අවශ්‍ය වූ අතර, අවසන් පන්දුවාරයේදී අවශ්‍ය වූයේ ලකුණු 10 ක් පමණයි.

නමුත් රාසා ලකුණු 92 කට අවසන් පන්දුවාරයේ පළමු පන්දුවේදීම දවා ගැනීමට මදුෂංක සමත් වීමත් සමග තරගයේ ජයග්‍රහනය පිළිබද වැඩි බලාපොරොත්තු යළි ශ්‍රී ලංකාවට නතු වුණා.

එම පන්දුවාරයේ දෙවැනි පන්දුවට බ්‍රැඩ් එවන්ස් ලකුණු බින්දුවකටත්, රිචර්ඩ් එන්ගරාවා ලකුණු බින්දුවකටත් දවා ගනිමින් මදුෂංක කඩුලු ත්‍රිත්වය සම්පූර්ණ කළා. ඔහු ඉතිහාසගත වුණේ ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින පිටියේදී කඩුලු ත්‍රිත්වයක් බිද හෙලූ 8 වැනි පන්දු යවන්නා ලෙසයි.

මුන්යොන්ගා නොදැවී ලකුණු 43 යි. පන්දු යැවීමේ දී මදුෂංක ලකුණු 62 කට කඩුලු 4 ක් දවා ගනිමින් තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවා. අසිත ප්‍රනාන්දු කඩුලු 3 ක් දවා ගත්තේ ලකුණු 50 ක් ලබා දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...