කෝටි ගණනකට අලෙවි වූ ටෙස්ට් හිස් වැසුම

Date:

ඔස්ට්‍රේලියානු හිටපු සුපිරි පිතිකරු ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් විසින් පැළඳ සිටි ටෙස්ට් හිස් වැසුමක් ඕස්ට්‍රේලියානු ජාතික කෞතුකාගාරය විසින් ඕස්ට්‍රේලියානු ඩොලර් 438,500 කට (ආසන්න වශයෙන් රුපියල් කෝටි 8.6 ක් පමණ) මිලදී ගෙන තිබෙනවා.

එය බ්‍රැඩ්මන් විසින් 1946-47 අළු බඳුන තරගාවලියේදී පැළද සිටි හිස්වැසුම බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

එය මිලදී ගැනීමට වැය වූ පිරිවැයෙන් අඩක් ෆෙඩරල් රජය විසින් දරා ඇති බව සදහන්.

1946-47 අළු බඳුන තරගාවලියේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේ ද ඩොන් බ්‍රැඩ්මන්.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගාවලිය වූයේ ද එම තරගාවලියයි. ඔස්ට්‍රේලියාවේ පැවැති එම තරගාවලියෙන් ඔස්ට්‍රේලියාවට තරග 3-0 ක ජයක් හිමි වුණා.

බ්‍රැඩ්මන් විසින් ටෙස්ට් හිස් වැසුම් 11 ක් පැළදි බවට වාර්තා වන අතර, එක් හිස්වැසුමක් මේ වන විට ඕස්ට්‍රේලියානු ක්‍රීඩා කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙනවා. අනෙක් හිස් වැසුම් නවය පවතින ස්ථාන ප්‍රසිද්ධියට පත් කර නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...