Watch : ඉනිමේ පළමු පන්දු හතරේදී කඩුලු 2ක් අසිත දවා ගත් හැටි

Date:

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර පළමු එක්දින ක්‍රිකට් තරගය හරාරේහීදී අද දහවල් ආරම්භ වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 6 ක් දැවී ලකුණු 298 ක් ලබා ගත්තා.

පැතුම් නිස්සංක ලකුණු 76(92)ක්, ජනිත් ලියනගේ ලකුණු 70(47) ක් හා කමිදු මෙන්ඩිස් ලකුණු 57(36) ක් රැස් කළා.

කුසල් හා පැතුම් අතර දෙවැනි කඩුල්ලට ලකුණු 100 (128) ක සම්බන්ධතාවයක් ද, කමිදු හා ජනිත් අතර 6 වැනි කඩුල්ලට ලකුණු 137 (83) ක සම්බන්ධතාවයක් ද ගොඩ නැගුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි සිම්බාබ්වේ ඉනිමේ පළමු කඩුලු දෙකම ඉනිමේ පළමු පන්දුවාරයේදීම දවා ගැනීමට අසිත ප්‍රනාන්දු සමත් වුණා.

පළමු පන්දුවෙන්ම බ්‍රයන් බෙනට් ලකුණු නොලබා දැවී ගිය අතර, එම පන්දුවාරයේ සිව්වැනි පන්දුවේදී බ්‍රෙන්ඩන් ටේලර් ද ලකුණු නොලබා දැවී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...