Asia Cup T20 : හසරංග කැදවමින් ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

Date:

ආසියානු කුසලාන T20 ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.

අබාධයකට ලක්ව සිට්න වනිදු හසරංග සංචිතයට නම් කර ඇතත්, ඔහු සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසු වුවහොත් පමණක් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතයි.

සිම්බාබ්වේ තරගාවලියට නම් කළ දුෂාන් හේමන්ත වෙනුවටයි වනිදු සංචිතයට නම් කර ඇත්තේ.

ඒෂාන් මාලිංගට මෙම සචිතයේ ද ස්ථානයක් අහිමි වී ඇති අතර, සිම්බාබ්වේ තරගාවලියට නම් කළ විශේන් හලඹගේ මෙම සංචිතයට නම් කර නැහැ.

දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු හා ජෙෆ්රි වැන්ඩර්සේට ද සංචිතයේ ඉඩක් වෙන්ව නැහැ.

නුවනිදු ප්‍රනාන්දු හා කමිල් මිෂාර සංචිතයේ ස්ථාන රැක ගෙන තිබීම කැපී පෙනෙනවා.

ආසියානු කුසලාන තරගාවලිය සැප්තැම්බර් 09 වැනිදා සිට 28 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය පැවැත්වෙන්නේ ලබන 13 වැනිදා බංග්ලාදේශයට එරෙහිවයි.

The Squad
1) Charith Asalanka – Captain
2) Pathum Nissanka
3) Kusal Mendis
4) Kusal Perera
5) Nuwanidu Fernando
6) Kamindu Mendis
7) Kamil Mishara
8) Dasun Shanaka
9) Wanindu Hasaranga
10) Dunith Wellalage
11)Chamika Karunaratne
12) Maheesh Theekshana
13) Dushmantha Chameera
14)Binura Fernando
15) Nuwan Thushara
16) Matheesha Pathirana

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...