Watch : බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් පිටියේ දී දසුන් ශානක බිද හෙලූ කඩුලු දෙක මෙන්න

Date:

මෙවර බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ පළමු තරගය හෙවත් Eliminator තරගය අද(12) දහවල් මීර්පූර්හී දී ආරම්භ වුණා.

ඒ, Fortune Barishal කණ්ඩායම හා Rangpur Riders කණ්ඩායම අතරයි.

මෙම තරගයේ දී Barishal කණ්ඩායම සදහා භානුක රාජපක්ෂ හා Rangpur කණ්ඩායම සදහා දසුන් ශානක ක්‍රීඩා කිරීම විශේෂත්වයක්.

තරගයේ කාසියේ වාසිය දිනූ Rangpur Riders කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් Fortune Barishal කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 170 ක් ලබා ගත්තා.

මෙහිදි හසාන් මිරාස් ලකුණු 69 ක් රැස් කළේ පන්දු 48කින්. මහ්මුදුල්ලාහ් ලකුණු 34 යි. එම කඩුලු දෙකම දවා ගැනීමට සමත් වුණේ දසුන් ශානක විසින්. (දර්ශන පහතින්)

කරීම් ජනට් නොදැවී ලකුණු 33(25) ක් ද, භානුක රාජපක්ෂ නොදැවී ලකුණු 17(10) ක් ද රැස් කළා. භානුකගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහරක් ඇතුළත්.

පන්දු යැවීමේ දී දසුන් ශානක කඩුලු 2ක් බිද හෙලුවේ පන්දුවාර 3 කදී ලකුණු 23 ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...