Watch : පාදයෙන් ගසා රැක ගත් ලොවක් මවිත කළ සුපිරි උඩ පන්දුව

Date:

ඉන්දියාවේ පැවැති සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගයකදී පන්දු රකින්නෙකු දැක් වූ සුවිශේෂී පන්දු රැකීමකට අදාළ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනවා.

ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් මෙම වීඩියෝව ඉන්දීය හිටපු සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් විසින් ද සිය ට්විටර් ගිණුමේ පල කර තිබීම විශේෂත්වයක්.

මෙම වීඩියෝවට අනුව පිතිකරු විසින් වේගයෙන් එල්ල කළ පහරකින් පසුව පන්දුව උඩ පන්දුවක් ලෙස හයේ සීමාව ආසන්නයට ඇදී යන අතර, එහිදී පන්දු රකින්නෙකු විසින් උඩ පන්දුව රැක ගැනීමට සමත් වනවා.

කෙසේ වෙතත්, ඔහුට සමබරතාවය ගිලිහී යන බැවින් පන්දුව යළි ගුවනට විසි කරන අතර, එහිදී එම පන්දුව හතරේ සීමාවෙන් පිටතට ඇදී යනවා.

අදාළ පන්දු රකින්නා එම අවස්ථාවේ දී වහාම සීමාවෙන් පිටතට ගොස් පන්දුව බිම පතිත වීමට පෙර ඊට සිය පාදයකින් පහරක් එල්ල කරන්නේ පන්දුව යළි සීමාවෙන් ඇතුළට ගැනීමේ අරමුණින්.

එය සාර්ථක අයුරින් සිදු කිරීමට ඔහුට හැකි වන අතර, එහිදී ගුවනින් සීමාව තුළට ඇද වැටෙමින් තිබූ පන්දුව උඩ පන්දුවක් ලෙස රැක ගැනීමට වෙනත් පන්දු රකින්නෙකුට හැකියාව ලැබෙනවා.

ඊට අදාළ වීඩියෝව පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...