ගැරී බැලන්ස්ට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි

Date:

සිම්බාබ්වේ පිතිකරු ගැරී බැලන්ස්ට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග අද (12) බුලවායෝ හී දී ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඔහු දැඩි හිසරදයකින් පසුවන බැවින් මෙලෙස දෙවැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බවයි සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඔහු දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී ශතකයක් ද වාර්තා කිරීමට සමත් වූ අතර, පසුගිය දින කිහිපයේ දී ම ගැරී බැලන්ස් අසනීප තත්ත්වයෙන් පසු වූ බව සදහන්.

දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

සිම්බාබ්වේ කන්ඩායම සදහා මෙම තරගයේ දී වෙනස්කම් 3ක් සිදු කර තිබෙනවා. ඒ අනුව Milton Shumba, Tanaka Chivanga හා Donald Tiripano කණ්ඩායමට කැදවා ඇත්තේ Gary Ballance, Richard Ngarava හා Brad Evans වෙනුවටයි.

කොදෙව්වන් සදහා මෙම තරගයේ දී එක් වෙනස්කමක් සිදු කර ඇති අතර, ඒ අනුව Shannon Gabriel කණ්ඩායමට කැදවා ඇත්තේ Kemar Roach වෙනුවටයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...