දරුණු පරාජයෙන් පසු ඔස්ට්‍රේලියානු සංචිතයට වෙනසක්

Date:

ඉන්දියාව සමග පැවැත්වෙන බෝර්ඩර්-ගවස්කාර් කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතයට වමත් දග පන්දු යවන ක්‍රීඩක මැතිව් කුහ්නෙමන් (Matthew Kuhnemann) කැදවා තිබෙනවා.

පා දග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්වෙප්සන් ඔහුගේ හා ඔහුගේ බිරිදගේ පළමු දරු උපත වෙනුවෙන් එක්වීමට යළි ඔස්ට්‍රේලියාවට පිටත්ව යන බැවිනුයි මෙම නම් කිරීම සිදු කර ඇත්‍තේ.

කෙසේ වෙතත්, මිචෙල් ස්වෙප්සන් තෙවැනි ටෙස්ට් තරගයට පෙර යළි ඔස්ට්‍රේලියානු සංචිතය සමග එක් වනු ඇති.

ඇෂ්ටන් ඒගාර් සංචිතයේ රැදී සිටියද පළමු ටෙස්ට් තරගය සදහා ඔහුව කණ්ඩායමට නම් නොකර පිට දග පන්දු යවන්නන් දෙදෙනෙකු වන නේදන් ලයන් හා ටොඩ් මර්ෆි කණ්ඩායමට නම් කිරීමටයි පියවර ගෙන තිබුණේ.

එම තරගයේ දී ඔස්ට්‍රේලියාව ඉනිමක හා  ලකුණු 132 ක දරුණු පරාජයක් ලැබුව ද සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ මර්ෆි ඉන්දීය  ඉනිමේ දී කඩුලු 7 ක් දවා ගැනීමට සමත් වුණා.

දෙවැනි ටෙස්ට් තරගයේ දී බොහෝ විට මැතිව් කුහ්නෙමන් ද ටෙස්ට් වරම් දිනා ගැනීමට ඉඩ පවතිනවා.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය එළඹෙන සිකුරාදා(17) දිල්ලි හී දී ආරම්භ වීමට නියමිත අතර, එම තරගය සදහා ආබාධයකට ලක්ව සිටි මිචෙල් ස්ටක් ද ක්‍රීඩා කිරීමට ඉඩ පවතිනවා.

එමෙන්ම ආබාධයකට ලක්ව සිටි තුන් ඉරියව් ක්‍රීඩක කැමරන් ග්‍රීන් ද දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් පවතින බවයි වාර්තා වන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...