උනඩ්කට් ටෙස්ට් සංචිතයෙන් නිදහස් කරයි ; තෙවැනි තරගය ධරම්සාලා ක්‍රීඩාංගනයෙන් ඉවතට

Date:

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජයිදේව් උනඩ්කට් ඔස්ට්‍රේලියාවට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන ඉන්දීය සංචිතයෙන් නිදහස් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඉන්දීය තේරීම් කමිටුව හා කණ්ඩායම් කලමණාකාරීත්වය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ ඔහුට රංජි කුසලාන තරගාවලියේ අවසන් තරගය සදහා ක්‍රීඩා කිරීමට අවස්ථාව සලසා දීමේ අරමුණින්.

ඒ අනුව ජයිදේව් උනඩ්කට් Saurashtra සංචිතය සමග එක් වීමට නියමිතයි.

පෙබරවාරි 16 වැනිදා කොල්කටා හි ඊඩ්න් ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිත රංජි කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ Bengal කණ්ඩායමයි.

මේ අතර, ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග 4කින් යුත් ටෙස්ට් තරගාවලියේ තෙවැනි තරගය ධරම්සාලා හී දී නොපැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිල වශයෙන් තීරණය කර තිබෙනවා.

ඒ අනුව මාර්තු පළමු වැනිදා සිට 5 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත එම තරගය ඉන්දෝර් හෝ රාජ්කොට් හී දී පැවැත්වීමටයි අවධානය යොමුව ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය කඩිනමින් නිවේදනය කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කරනු ඇති.

ධරම්සාලා ක්‍රීඩාංගනයේ මෑතකාලීනව සිදු කළ ප්‍රතිසංස්කරණවලින් පසුව ජාත්‍යන්තර තරග පැවැත්වීම සදහා ක්‍රීඩාංගනය තවමත් සුදුසු මට්ටමක නොමැති බැවිනුයි මෙලෙස වෙනත් ක්‍රීඩාංගනයකදී එම තරගය පැවැත්වීමට තීරණය කර ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...