Watch : අවසන් තරගයේ දී වයිපර්ස් ඉනිම ගොඩ ගත් හසරංගගේ වේගවත් ඉනිම

Date:

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ජාත්‍යන්තර ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී පිතිකරණයෙන් සුවිශේෂී ඉනිමක් ක්‍රීඩා කිරීමට ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග අද(12) සමත් වුණා.

ඩුබායි හී දී අද රාත්‍රියේ ආරම්භ වූ අවසන් මහා තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ ගල්ෆ් ජයන්ට්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ජයන්ට්ස් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඩෙසර්ට් වයිපර්ස් ඉනිමේ කඩුලු 4 ක් ලකුණු 44 ක් තුළ බිද වැටුණේ පන්දුවාර 8.3 ක් තුළදීයි.

අනතුරුව සෑම් බිලින්ග්ස් සමග පිටියේ එක් වූ හසරංග 5 වැනි කඩුල්ල සදහා පන්දු 37 කින් ලකුණු 72 ක වේගවත් සම්බන්ධතාවයක් ගොඩ නැගුවා.

බිලින්ග්ස් පන්දු 29 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 31ක්. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ හසරංග පන්දු 21 කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළා.

ඔහු දැවී ගියේ පන්දු 27 කින් ලකුණු 55 ක් ලබා සිටියදීයි. වනිදු හසරංගගේ ඉනිමට හයේ පහර 2 ක් හා හතරේ පහර 6 ක් ඇතුළත්. (දර්ශන පහතින්)

වයිපර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 8 ක් දැවී ලකුණු 146 ක් ලබා ගනිමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...