Watch : බංග්ලාදේශයේ පළමු කඩුලු 6 ලකුණු 26 ක් තුළ බිද වැටෙයි

Date:

පාකිස්තානය හා බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි(1).

රාවල්පින්ඩිහී දී පැවැත්වෙන මෙම තරගයේ තෙවැනි දිනය අද ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 10 ක් ලබා සිටි අතර, ඔවුන්ගේ පළමු කඩුලු හය ලකුණු 26 ක් තුළ දවා ගැනීමට පාකිස්තානය සමත් වීම කැපී පෙනුණා.

එහිදී සාකීර් හසාන් එක් ලකුණකටත්, ශඩ්මන් ඉස්ලාම් ලකුණු 10 කටත්, නජ්මුල් හොසේන් ලකුණු 4කටත්, මොමිනුල් හක් එක් ලකුණකටත්, මුෂ්ෆිකර් රහීම් ලකුණු 3කටත්, ශකිබ් අල් හසාන් ලකුණු දෙකකටත් දැවී ගියා.

එම කඩුලු හයෙන් කඩුලු හතරක්ම කුරාම් ශහ්සාඩ් විසින් දවා ගත් අතර, කඩුලු දෙකක් බිද හෙලුවේ මීර් හම්සා විසිනුයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 274 ක්.

බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුලු හය දැවී ගිය අයුරු පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...