ශ්‍රී ලංකාවට ලකුණු 190 ක පරාජයක්

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 190 ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් යුත් ටෙස්ට් තරගාවලියේ ජය ද තරගයක් ඉතිරිව තිබියදීම (2-0) තහවුරු කර ගැනීමට එංගලන්ත කණ්ඩායම අද(1) සමත් වුණා.

ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ සිව්වැනි දිනය වූ අද දිනය ආරම්භ කරන විට තරගය ජය ගැනීම සදහා දෙවැනි ඉනිමේ දී ලකුණු 483 ක ඉලක්කයක් හඹා යමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 2 ක් දැවී ලකුණු 53 ක් ලබා සිටි අතර, ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 292 ක් පමණයි.

දිනේෂ් චන්දිමාල් ලකුණු 58 ක්, දිමුත් කරුණාරත්න ලකුණු 55 ක් හා නායක ධනංජය ද සිල්වා ලකුණු 50 ක් රැස් කළා. මිලාන් රත්නායක ලකුණු 43කට හා ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 36 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී එංගලන්ත පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 118 ක් රැස් කළ ගස් ඇට්කින්සන් ලකුණු 62 කට කඩුලු 5 ක් දවා ගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය සියලු දෙනා දැවී ලකුණු 427 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව ලබා ගත්තේ ලකුණු 196 ක් පමණයි. අනතුරුව එංගලන්තය දෙවැනි ඉනිමට සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 251 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...