නුවනිදු, මිෂාර හා චමිදු ශ්‍රී ලංකාවට පළමු තරගයෙන් ලකුණු 93 ක ජයක් හිමි කර දෙයි

Date:

දකුණු අප්‍රිකා A කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 93 ක ජයක් හිමි කර ගැනීමට සංචාරක ශ්‍රී ලංකා A  කණ්ඩායම අද(31) සමත් වුණා.

Potchefstroom හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා A කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසන් කළේ කඩුලු 9 ක් දැවී ලකුණු 298 ක් ලබා ගනිමින්.

නුවනිදු ප්‍රනාන්දු ලකුණු 97(පන්දු 101කින්) ක් ලබා ගත් අතර, කමිල් මිෂාර රැස් කළ ලකුණු සංඛ්‍යාව 71(75) ක්. චමිදු වික්‍රමසිංහ පන්දු 39 කින් ලකුණු 55 ක් රැස් කළේ හයේ පහර 3ක් හා හතරේ පහර 4 ක් සමගින්. (දර්ශන පහතින්)

පන්දු යැවීමේ දී ට්‍රිස්ටන් ලූස් හා ඇන්ඩිල් පෙහ්ලුක්වායෝ කඩුලු 3 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා A කණ්ඩායමට පන්දුවාර 36.5 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 205 ක් පමණයි.

ටෝනි ද සොර්සි ලකුණු 53 ක් රැස් කළ අතර, ඩිවාල්ඩ් බ්‍රේවිස් ලකුණු 39 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී දුෂාන් හේමන්ත ලකුණු 34 කට කඩුලු 3 ක් හා වනුජ සහන් ලකුණු 41 කට කඩුලු 3 ක් බිද හෙලුවා. මොහමඩ් ශිරාස්, චමිදු වික්‍රමසිංහ හා සොනල් දිනූෂ කඩුල්ල බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...