ජයග්‍රහනයට එංගලන්තය කඩුලු 8ක් හා ශ්‍රී ලංකාව ලකුණු 430 ක් පිටුපසින්

Date:

දෙවැනි ඉනිමේ දී ද ජෝ රූට් වාර්තා කළ විශිෂ්ඨ ශතකය හමුවේ ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද (31) නිමා වුණේ තරගයේ සම්පූර්ණ පාලනය එංගලන්තයට හිමි කර දෙමින්.

අයහපත් අලෝක තත්ත්වය හේතුවෙන් නියමිත කාලයට පෙර අද දිනය නිමා කරන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 483 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු දෙකක් දැවී ලකුණු 53 ක් ලබා සිටියා.

නිශාන් මදුෂ්ක ලකුණු 13 කටත්, පැතුම් නිස්සංක ලකුණු 14 කටත් දැවී ගියා. දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 23 ක් හා ප්‍රභාත් ජයසූරිය නොදැවී ලකුණු 3 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. පන්දු යැවීමේ දී ගස් ඇට්කින්සන් හා ඔලී ස්ටෝන් කඩුල්ල බැගින් දවා ගත්තා.

ලෝඩ්ස් හී දී පැවැත්වෙන තරගය අද ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුල්ලක් දැවී ලකුණු 25 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 251 ක්.

පළමු ඉනිමේ දී ද ශතකයක් වාර්තා කළ ජෝ රූට් මෙම ඉනිමේ දී සිය 34 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 103 ක් රැස් කළේ හතරේ පහර 10 ක් සමගින්. ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී පැවැති ටෙස්ට් තරගයක ඉනිම් දෙකේ දී ම ශතක වාර්තා කළ ලොව සිව්වැනි ක්‍රීඩකයා ලෙසයි ඔහු ඉතිහාසගත වුණේ.

රූට් හැරුණු විට එංගලන්ත දෙවැනි ඉනිම වෙනුවෙන් හැරී බෘෘක් ලකුණු 37 ක්, ජෙමී ස්මිත් ලකුණු 26 ක් හා බෙන් ඩකට් ලකුණු 24 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු හා ලහිරු කුමාර කඩුලු 3 බැගින් දවා ගත් අතර, මිලාන් රත්නායක හා ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය ජෝ රූට් රැස් කළ ලකුණු 143 න් සවිමත් වෙමින් ලකුණු 427 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව ලබා ගත්තේ ලකුණු 196 ක් පමණයි.

තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකාව තවත් ලකුණු 430 ක් ලබා ගත යුතුයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...