Watch : පූරාන් දවා ගන්න පවෙල් හා හෝල්ඩර් රැක ගත් ඇදහිය නොහැකි සුපිරි උඩ පන්දුව

Date:

මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගයේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට බාර්බඩෝස් රෝයල්ස් කණ්ඩායමේ රොව්මන් පවෙල් හා ජේසන් හෝල්ඩර් සමත් වුණා.

මෙම තරගයෙන් රෝයල්ස් කණ්ඩායම පරදා කඩුලු දෙකක තියුණු ජයක් වාර්තා කිරීමට සමත් වුණේ ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමයි.

Bridgetown හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් රෝයල්ස් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 156 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස නයිට් රයිඩර්ස් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 8ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

බාර්බඩෝස් රෝයල්ස් පිල වෙනුවෙන් මහීෂ් තීක්ෂණ ලකුණු 26 කට බිද හෙලූ කඩුලු ගණන තුනක්.

නයිට් රයිඩර්ස් පිලේ තෙවැනි කඩුල්ල ලෙස නිකලස් පූරාන් දවා ගැනීම සදහායි රොව්මන් පවෙල් හා ජේසන් හෝල්ඩර් විසින් විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගත්තේ.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...