කුසල්ට අංක 3 අහිමි වෙයි – පිතිකරණ ලැයිස්තුවේ වෙනසක් ගැන තරංග කරුණු පහදයි

Date:

නවසීලන්තය සමග ආරම්භ වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී කුසල් මෙන්ඩිස් කඩුලු රකින පිතිකරුවෙකු ලෙස පමණක් ක්‍රීඩා කරන බව ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති උපුල් තරංග පවසනවා.

ඒ, එංගලන්තයට එරෙහි තෙවැනි ටෙස්ට් තරගයේ දී පිට කොන්දේ ආබාධයකට ලක් වීම හේතුවෙන් දිනේෂ් චන්දිමාල්ට කඩුලු රැකීමේ කාර්යය ඉටු කිරීමට මේ මොහොතේ නොහැකිව තිබීම පදනම් කර ගනිමින්.

ඒ අනුව කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කළහොත් ඔහු අංක 7 පිතිකරු ලෙස ක්‍රීඩා කිරීමට නියමිතයි.

සධීර සමරවික්‍රම ද කඩුලු රකින පිතිකරු ලෙස අංක 7 ස්ථානය වෙනුවෙන් සලකා බලමින් සිටින බවයි ​newswire වෙබ් අඩවියට අදහස් දක්වමින් උපුල් තරංග සදහන් කර ඇත්තේ.

මේ අතර, මෙතෙක් අංක 7 ස්ථානයේ පන්දුවට පහර දුන් කමිදු මෙන්ඩිස් නිමා වූ එංගලන්ත සංචාරයේ දී දැක් වූ ඉහළ දක්ෂතා ද පදනම් කර ගනිමින් නවසීලන්තයට එරෙහිව ආරම්භ වන ටෙස්ට් තරගාවලියේ දී ඔහුව පිතිකරණ ලැයිස්තුවේ ඉහළ ස්ථානයකට උසස් කිරීමට ද මේ වන විට තේරීම් කමිටුවේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව ඇතැම් විට කුසල් මෙන්ඩිස් අංක 7 ස්ථානයට යෙදවීමත් සමග පුරප්පාඩු වන අංක 3 ස්ථානය කමිදු මෙන්ඩිස්ට හිමි වීමට ද ඉඩක් පවතිනවා.

මේ අතර, එළඹෙන 18 වැනිදා ගාල්ලේ දී ආරම්භ වීමට නියමිත නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට ඕෂද ප්‍රනාන්දු ද කැදවා ඇති බවට තොරතුරු වාර්තා වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...