Watch : පාන්ඩ්යාගේ සුපිරි පන්දු දෙකකට ප්‍රබල කඩුලු 2ක් පිට පිට දැවී ගිය හැටි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද(13) පස්වරුවේ ආරම්භ වූ තරගාවලියේ 58 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දු දෙකක් යොමු කරමින් පිට පිට පන්දු දෙකකදී සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ ප්‍රබල කඩුලු දෙකක් දවා ගැනීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ නායක කෘනාල් පාන්ඩ්යා සමත් වුණා.

හයිදරාබාද් හී දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම සමත් වූ අතර, ඔවුන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 182 ක් රැස් කිරීමට සන්රයිසස් කණ්ඩායම සමත් වුණා.

ඉනිමේ 13 වැනි පන්දුවාරයේ පළමු පන්දු දෙකේදී යි පාන්ඩ්යා විසින් අදාළ කඩුලු දෙක දවා ගත්තේ.

සන්රයිසස් නායක ඒඩ්න් මාක්‍රම් (ලකුණු 28) හා ග්ලේන් පිලිප්ස් (ලකුණු 0) ඔහුගේ පන්දු හමුවේ මෙලෙස දැවී ගියා.

එම කඩුලු දෙකේ දර්ශන පහතින් නරඹන්න –

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...