පාකිස්තානයට නව ප්‍රධාන පුහුණුකරුවෙකු පත් කෙරේ

Date:

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස Grant Bradburn පත් කර තිබෙනවා.

ඉදිරි වසර දෙකක කාලය සදහා ඔහුව එලෙස ප්‍රධාන පුහුණුකරු ධූරය සදහා පත් කළ බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඔහු නිමා වූ පාකිස්තාන – නවසීලන්ත තරගාවලියේ දී ද පාකිස්තාන කණ්ඩායමේ පුහුණුකරු ලෙස උපදේශන පදනම මත කටයුතු කළා.

ස්කොට්ලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය ද දරනු ලැබුවේ Bradburn මීට පෙර පාකිස්තාන කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ද 2018 වසරේ සිට 2020 වසර දක්වා කටයුතු කර තිබුණා.

මේ අතර, පාකිස්තාන කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකා හිටපු ක්‍රීඩක Andrew Puttick ද වසර දෙකක ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...