පූරාන්ගේ හා ස්ටොයිනිස්ගේ වේගවත් ප්‍රහාරය හමුවේ සන්රයිසස් පරදියි

Date:

මර්කස් ස්ටොයිනිස්ගේ හා නිකලස් පූරාන්ගේ වේගවත් පිතිහරඹය හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 58 වැනි තරගයෙන් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම පරදා කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අද(13) සමත් වුණා.

හයිදරාබාද් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 182 ක් රැස් කිරීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පන්දුවාර 19.2 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ලක්නව් ඉනිමේ ආරම්භය ඉතා මන්දගාමී ස්වරූපයක් ගනු ලැබූ අතර, පළමු පන්දුවාර 15 අවසන් වනතුරුම තරගයේ පාලනය සන්රයිසස් කණ්ඩායමට නතු වී තිබුණා. කෙසේ වෙතත්, මර්කස් ස්ටොයිනිස් පන්දු 25 කින් ලකුණු 40 ක් රැස් කරමින් සිය කණ්ඩායමට ජයග්‍රාහී මාවත විවෘත කළා. ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් හා හතරේ පහර 2 ක් ඇතුළත්.

තරගය ජය ගැනීම සදහා අවශ්‍ය වූ වේගය අවසන් පන්දුවාර කිහිපයේ දී ලක්නව් පිලට ලබා දුන් නිකලස් පූරාන් පන්දු 13 කින් වේගවත් ලකුණු 44ක් නොදැවී ලබා ගත්තේ හයේ පහර 4 කින් හා හතරේ පහර 3 කින් සිය ඉනිම වර්ණවත් කරමින්.

ස්ටොයිනිස් හා පූරාන් ඉනිමේ 16 වැනි පන්දුවාරයේ දී අභිෂේක් ෂර්මාට එරෙහිව හයේ පහර 5 ක් සමගින් ලකුණු 31 ක් වාර්තා කිරීම තරගයේ තීරණයට බෙහෙවින් බලපානු ලැබුවා. ස්ටොයිනිස් එම පන්දුවාරයේ පළමු පන්දු දෙකට හයේ පහර 2ක් එල්ල කළ අතර, තෙවැනි පන්දුවට ඔහු දැවී ගියා. අනතුරුව සෙසු පන්දු 3ට හයේ පහර 3 ක් එල්ල කිරීමට පූරාන් සමත් වුණා.

ඉනිමේ නැංගුරම බවට පත් වූ අංක 3 පිතිකරු Prerak Mankad පන්දු 45 කින් නොදැවී ලකුණු 64 ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා. ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 7 ක් ඇතුළත්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් පිලේ වැඩිම ලකුණු ලාභියා වූ හෙන්රික් ක්ලාසන් ලකුණු 47(29) ක් ලබා ගත් අතර, අබ්දුල් සමාද් නොදැවී ලකුණු 37 ක් හා අන්මොල්ප්‍රීට් සිං ලකුණු 36 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී කෘනාල් පාන්ඩ්යා ලකුණු 24 කට කඩුලු 2 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...