Watch : තරගයක ප්‍රතිපලය වෙනස් කළ පන්දුවාරය – 6, 6, W, 6, 6, 6

Date:

අද (13) පස්වරුවේ පැවැති මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 58 වැනි තරගයේ දී එක් පන්දුවාරයකදී හයේ පහර 5 ක් එල්ල කිරීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ මර්කස් ස්ටොයිනිස් හා නිකලස් පූරාන් සමත් වුණා.

හයිදරාබාද් හි පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 182 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පන්දුවාර 19.2 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ස්ටොයිනිස් හා පූරාන් ලක්නව් ඉනිමේ 16 වැනි පන්දුවාරයේ දී අභිෂේක් ෂර්මාට එරෙහිවයි හයේ පහර 5 ක් සමගින් ලකුණු 31 ක් වාර්තා කිරීමට සමත් වුණේ.(වයිඩ් ලකුණක් ද සමගින්)

ස්ටොයිනිස් එම පන්දුවාරයේ පළමු පන්දු දෙකට හයේ පහර 2ක් එල්ල කළ අතර, තෙවැනි පන්දුවට ඔහු දැවී ගියා. අනතුරුව පිටියට පිවිසි පූරාන් තමන් මුහුණ දුන් පළමු පන්දු තුනටම හයේ පහර 3 ක් එල්ල කිරීමට සමත් වුණා.

එහි දර්ශන පහතින් නරඹන්න – (දර්ශන මූලාශ්‍රය BCCI/IPLT20)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...