Watch : පන්දු 7 ක් තුළ කඩුලු 5 ක් දැවී යාමෙන් යුනයිටඩ් පිලට අනපේක්ෂිත පරාජයක්

Date:

බාබර් අසාම් වාර්තා කළ විශිෂ්ඨ ශතකය හා Arif Yaqoob එක් පන්දුවාරයකදී කඩුලු 4 ක් දවා ගනිමින් දැක් වූ සුවිශේෂී පන්දු යැවීම හමුවේ පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 13 වැනි තරගයෙන් ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම පරදා ලකුණු අටක තියුණු ජයක් වාර්තා කිරීමට පෙෂාවර් සල්මි කණ්ඩායම ඊයේ(26) සමත් වුණා.

ලාහෝර් හී දී පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 202 ක ඉලක්කයක් හඹා ගිය යුනයිටඩ් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 193 ක් පමණයි.

ඉනිමේ 17 වැනි පන්දුවාරය අවසන් වන විට යුනයිටඩ් කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 173 ක් ලබා ප්‍රබල ස්ථානයක පසු වූ අතර, ඔවුන්ට තරගය ජය ගැනීමට අවශ්‍ය වූයේ පන්දු 18කින් ලකුණු 29 ක් පමණයි.

ඉනිමේ අවසන් පන්දු 13 තුළ දී ඔවුන්ට ලකුණු 21 ක් තරගය ජය ගැනීම සදහා අවශ්‍ය වූ නමුත්, අනතුරුව යොමු කෙරුණු පන්දු 7 තුළ දී ඔවුන්ගේ කඩුලු පහක් දැවී යාම කැපී පෙනුණා.

ඉනිමේ 19 වැනි පන්දුවාරයේ දී Arif Yaqoob විසින් ලකුණු දෙකක් පමණක් ලබා දී කඩුලු 4 ක් දවා ගත් අතර, ඔහු මෙම තරගයේ දී ලකුණු 27 කට කඩුලු 5ක් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් පෙෂාවර් සල්මි කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු, නායක බාබර් අසාම් නොදැවී ලකුණු 111 ක් ලබා ගත්තේ පන්දු 63 කින්. හයේ පහර 2ක් හා හතරේ පහර 14 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...