T20I ඉතිහාසයේ වේගවත්ම ශතකයේ ලෝක වාර්තාව බිද වැටෙයි (දර්ශන සහිතයි)

Date:

පන්දුවාර විස්සයි 20 ජාත්‍යන්තර තරගයකදී පිතිකරුවෙකු වාර්තා කළ වේගවත්ම ශතකයේ ලෝක වාර්තාව බිද දමමින් එම වාර්තාව සිය නම ඉදිරියේ සටහන් කර ගැනීමට නැමීබියාවේ Jan Nicol Loftie-Eaton අද(27) සමත් වුණා.

ඒ, නේපාලයේ පැවැත්වෙන තුන්කොන් විස්සයි 20 තරගාවලියේ දී සත්කාරක නේපාල කණ්ඩායමට එරෙහිව අද පැවැති තරගයේ දී යි.

Kirtipur හී දී පැවැති මෙම තරගයේ දී Jan Nicol Loftie-Eaton සිය ශතකය වාර්තා කළේ පන්දු 33 ක් පමණක් වැය කරමින්.

ඔහු පන්දු 36 කදී ලකුණු 101 ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 8ක් හා හතරේ පහර 11 ක් සමගින්.

මීට පෙර විස්සයි 20 ජාත්‍යන්තර තරගයකදී වේගවත්ම ශතකය වාර්තා කර තිබුණේ නේපාලයේ Kushal Malla විසින්.

ඔහු පන්දු 34 කින් මොන්ගෝලියාවට එරෙහිව පසුගිය වසරේ දී ශතකයක් වාර්තා කරමින් එම ලෝක වාර්තාව පිහිටුවා තිබුණා.

අද පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් නැමීබියාව කඩුුලු 4ක් දැවී ලකුණු 206 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 20 නිමා කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නේපාලයට පන්දුවාර 18.5 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 186 ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...