ඓතිහාසික සංචාරයට ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ – Jonassen ඉවතට

Date:

එළඹෙන බංග්ලාදේශ තරග සංචාරය සදහා වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතය නම් කර තිබෙනවා.

ඇලීසා හීලිගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත්.

සංචිතයෙන් Jess Jonassen ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. 2012 වසරේ දී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් හිමි කර ගැනීමෙන් අනතුරුව ඇය එරට කාන්තා සංචිතයේ නිත්‍ය සාමජිකාවක් ලෙස කටයුතු කළා.

Tayla Vlaeminck සංචිතයට කැදවා ඇති අතර, ඒ අනුව වසර දෙකකට පමණ පසුව ඇයට යළි ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් මෙම සංචාරයේ දී හිමි වීමට ඉඩ තිබෙනවා.

ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම බංග්ලාදේශ තරග සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

මෙම සංචාරයට එක්දින තරග 3ක් හා විස්සයි 20 තරග 3ක් ඇතුළත් අතර, එක්දින තරගාවලිය මාර්තු 21 වැනිදා ද, විස්සයි 20 තරගාවලිය මාර්තු 31 වැනිදා ද ආරම්භ වීමට නියමිතයි.

Australia squad vs Bangladesh

Alyssa Healy (c), Darcie Brown, Ash Gardner, Kim Garth, Grace Harris (T20 only), Alana King, Phoebe Litchfield, Tahlia McGrath, Sophie Molineux, Beth Mooney, Ellyse Perry, Megan Schutt, Annabel Sutherland, Georgia Wareham, Tayla Vlaeminck

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...