Watch : දෙවැනි වරටත් බෝල්ට්ගෙන් පළමු පන්දුවාරයේ දී ම ලකුණු බින්දුවකට කඩුලු දෙකක්

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගයේ දී පන්දු යැවීමෙන් සුවිශේෂී දක්ෂතාවයක් දැක්වීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට් අද(8) සමත් වුණා.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව මෙම තරගය අද පස්වරුවේ ආරම්භ වුණේ ගුවහාටි හී දී යි.

තරගයේ කාසියේ වාසිය දිනූ කැපිටල්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 199 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 20 නිමා කළා.

ඒ, ජොස් බට්ලර් වාර්තා කළ ලකුණු 79 න් හා යශස්වි ජයිස්වාල් රැස් කළ ලකුණු 60 න් ශක්තිමත් වෙමින්. පන්දු යැවීමේ දී මුකේෂ් කුමාර් කඩුලු 2 ක් දවා ගත්තා.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී පළමු පන්දුවාරය යොමු කළේ ට්‍රෙන්ට් බෝල්ට් විසින්.

ඔහු එම පන්දුවාරයේ තෙවැනි හා සිව්වැනි පන්දුවලදී පිළිවෙලින් ප්‍රිත්වි ෂෝගේ හා මනිෂ් පාන්ඩේගේ කඩුලු දවා ගැනීමට සමත් වූ අතර, අදාළ පන්දුවාරයේ දී කිසිදු ලකුණක් රැස් කිරීමට කැපිටල්ස් පිලට හැකි වූයේ නැහැ.(දර්ශන පහතින්)

මීට පෙර පසුගිය දෙවැනිදා පැවැති තරගයකදී ද ට්‍රෙන්ට් බෝල්ට් විසින් මේ ආකාරයෙන්ම ඉනිමේ පළමු පන්දුවාරයේ දී ම කිසිදු ලකුණක් ලබා නොදී සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමට එරෙහිව කඩුලු 2 ක් දවා ගැනීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...