බට්ලර්-ජයිස්වාල් ප්‍රහාරය හා බෝල්ට්-චෙහල්ගේ දක්ෂතා රෝයල්ස් පිලට සුපිරි ජයක් ගෙනෙයි

Date:

ආරම්භ පිතිකරුවන් වන ජොස් බට්ලර් පන්දු 51 කින් වාර්තා කළ ලකුණු 79 හා යශස්වි ජයිස්වාල් පන්දු 31 කින් වාර්තා කළ ලකුණු 60 හේතුවෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමග පැවැති මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගයෙන් ලකුණු 57 ක ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අද(8) සමත් වුණා.

ගුවහාටි හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කැපිටල්ස් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 199 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 142 ක් පමණයි.

පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායම වෙනුවෙන් බට්ලර් හා ජයිස්වාල් ආරම්භක කඩුල්ල සදහා පන්දුවාර 8.3 කදී ලකුණු 98 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා. ජයිස්වාල් ඉනිමේ පළමු පන්දුවාරයේ දී හතරේ පහර 5ක් එල්ල කිරීම ද කැපී පෙනුණා. ඔවුන් දෙදෙනාගේම ඉනිම් හයේ පහර එක බැගින් හා හතරේ පහර 11 බැගින් වර්ණවත් වුණා.

ආරම්භක පිතිකරුවන් සාර්ථක පිතිහරඹයක නිරත වුවද සංජු සැම්සන් ලකුණු නොලබාත්, රියාන් පරාග් ලකුණු 7කටත් දැවී ගියා. කෙසේ වෙතත්, ශිම්රන් හෙට්මයර් පන්දු 21 කින් නොදැවී ලකුණු 39 ක් ලබා ගනිමින් ඉනිමට අවශ්‍ය ප්‍රබල අවසානය ලබා දීමට සමත් වුණා. හෙට්මයර්ගේ ඉනිමට හයේ පහර 4ක් හා හතරේ පහරක් ඇතුළත්. පන්දු යැවීමේ දී මුකේෂ් කුමාර් ලකුණු 36 කට කඩුලු 2 ක් දවා ගත්තා.

කැපිටල්ස් පිළිතුරු ඉනිමේ පළමු පන්දුවාරයේ දී නිලකුණු පන්දුවාරයක් සටහන් කිරීමට ට්‍රෙන්ට් බෝල්ට් සමත් වුණේ එම පන්දුවාරයේ තෙවැනි හා සිව්වැනි පන්දුවලදී පිළිවෙලින් ප්‍රිත්වි ෂෝගේ හා මනිෂ් පාන්ඩේගේ කඩුලු ද දවා ගනිමින්.

දිල්ලි කැපිටල්ස් ඉනිම වෙනුවෙන් නායක ඩේවිඩ් වෝනර් පන්දු 55 කින් ලකුණු 65 ක් වාර්තා කළ අතර, ලලිත් යාදාව් ලකුණු 38 (24) ක් ලබා ගත්තා.

පන්දු යැවිමේ දී ට්‍රෙන්ට් බෝල්ට් හා යුස්වේන්ද්‍ර චෙහල් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...