අමෙරිකානු ක්‍රීඩකයෙකුට තරග 2ක තහනමක් ; තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකුට දැඩි දඩුවම්

Date:

අමෙරිකා එක්සත් ජනපද හා ජර්සි ක්‍රීඩකයින් තිදෙනෙකුට ජගත් ක්‍රිකට් කවුන්ලය (අයි.සී.සී) විසින් දඩුවම් නියම කිරීමක් සිදු කර තිබෙනවා.

ඒ, පසුගියදා නිමා වූ Cricket World Cup Qualifier Play-off තරගාවලියේ දී අයි.සී.සී විනය නීති සංග්‍රහය උල්ලංඝනය කරමින් හැසිරීම හේතුවෙන්. 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ ප්‍රධාන තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් 10 න් කණ්ඩායම් දෙකක් තෝරා ගැනීම සදහායි මෙම තරගාවලිය නැමීබියාවේදී පැවැත්වුණේ.

තරගාවලිය යටතේ අමෙරිකාව හා ජර්සි කණ්ඩායම් අතර පැවැති තරගයේ දී විනය විරෝධි ලෙස හැසිරීම හේතුවෙන් අමෙරිකානු වේග පන්දු යවන ක්‍රීඩක Ali Khan ට තරග දෙකක තහනමක් පනවා තිබෙනවා. ඒ, ඔහුගේ විනය වාර්තාවට අදාළ වරද හේතුවෙන් අවගුණ ලකුණක් ඇතුළත් කිරීමත් සමගයි.

ඔහුගේ විනය වාර්තාවේ වසර දෙකක කාලයක් තුළ අවගුණ ලකුණු ප්‍රමාණය මේ වන විට 4 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඒ හේතුවෙනුයි ඔහුට තරග දෙකක තහනමක් පනවා ඇත්තේ. අවගුණ ලකුණු ප්‍රමාණය 4 ක් දක්වා ඉහළ යන විට එය තරග දෙකක තහනමක් බවට පරිවර්තනය වනවා. ඒ අනුව අමෙරිකාව මීළගට ක්‍රීඩා කරන එක්දින හෝ 20යි 20 තරග දෙක ඔහුට අහිමි වනු ඇති.

“ජාත්‍යන්තර තරඟයකදී පිතිකරුවෙකුගේ දැවී යාමේදී ඔහු/ඇය අවමානයට ලක් කරන හෝ ආක්‍රමණශීලී ප්‍රතිචාරයක් ඇති කළ හැකි භාෂාව, ක්‍රියා හෝ අභිනයන් භාවිතා කිරීම” යන අයි.සී.සී ක්‍රීඩක විනය නීති සංග්‍රහයේ 2.5 වගන්තිය උල්ලංඝනය කිරීම Ali Khan ට එල්ල වූ චෝදනාවයි. තරග තහනමට අමතරව ඔහුගේ තරග ගාස්තුවට 15% ක දඩ මුදලක් ද පනවා තිබෙනවා.

මේ අතර, අමෙරිකාවේ Jasdeep Singh ට තරග ගාස්තුවෙන් 30% ක දඩ මුදලක් පනවා ඇති අතර, අවගුණ ලකුණු 2ක් ද විනය වාර්තාවට ඇතුළත් කිරීමටයි අයි.සී.සීය පියවර ගෙන ඇත්තේ.

විනය නීති සංග්‍රහයේ 2.12 වගන්තිය හෙවත් ජාත්‍යන්තර තරගයක දී යම් අයෙකු සමග ශාරීරික ගැටීමක් ඇති කර ගැනීම යන වරද හේතුවෙන් ඔහුට මෙම දඩුවම පනවා තිබෙනවා.

එමෙන්ම ජර්සි කණ්ඩායමේ Elliot Miles ට ද තරග ගාස්තුවෙන් 15 % ක දඩ මුදලක් නියම කර ඇති අතර, එක් අවගුණ ලකුණක් ද ඔහුගේ විනය වාර්තාවට ඇතුළත් කිරීමට අයි.සී.සීය කටයුතු කර තිබෙනවා.

ඒ, 2.3 වගන්තිය උල්ලංඝනය කරමින් ජාත්‍යන්තර තරගයකදී අසභ්‍ය වචන භාවිතා කිරීම යන වරද හේතුවෙන්.

මෙම සියලු වරදවල් අදාළ ක්‍රීඩකයින් විසින් පිළිගෙන ඇති බැවින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු වන්නේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...