පාකිස්තානයට නව පුහුණුකරුවන් දෙදෙනෙක්

Date:

නවසීලන්තයට එරෙහිව ආරම්භ වීමට නියමිත එක්දින හා 20යි 20 තරගාවලි සදහා පාකිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස Grant Bradburn පත් කර තිබෙනවා.

Andrew Puttick පිතිකරණ පුහුණුකරු ලෙස පත් කර ඇති බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ. තාවකාලික පදනම මත මෙම පත් කිරීම් සිදු කර තිබෙනවා.

නවසීලන්ත තරගාවලියෙන් පසුව කණ්ඩායමේ පුහුණුකරු ධූරයන් භාර ගන්නා පුද්ගලයින්ගේ නම් ඉදිරියේ දී ප්‍රකාශයට පත් කරන බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

2018 වසරේ දී Grant Bradburn පාකිස්තාන කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ අතර, අනතුරුව ඉහළ කාර්යය සාධන පුහුණුකරු ප්‍රධානියා ලෙස ද 2021 වසර දක්වා ඔහු කටයුතු කළා.

Abdul Rehman පාකිස්තාන කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙසත්, Umar Gul පන්දු යැවීමේ පුහුණුකරු ලෙසත් කටයුතු කරනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...