Watch : දුවද්දී දවා ගැනීමෙන් පසු බංග්ලාදේශ නායකයා සෝදිව යළි පිටියට කැදවූ හැටි

Date:

නවසීලන්තය හා බංග්ලාදේශය අතර අද(23) මීර්පූර්හී දී ආරම්භ වූ දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී පන්දු යවන අන්තයේ රැදී සිටියදී දුවද්දී දැවී යාමකට (මන්කඩ්) හසු වූ ඉෂ් සෝදිව යළි පිතිකරණයේ නිරත වීම සදහා ක්‍රීඩාංගනයට කැදවීමට බංග්ලාදේශ කණ්ඩායමේ නායක ලිටොන් දාස් පියවර ගත් සිදුවීම මේ වන විට ලොව පුරා ක්‍රීඩාලෝලීන්ගේ අවධානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත ඉනිමේ 46 වැනි පන්දුවාරයේ දී යි මෙම සිදු වීම වුණේ.

එම පන්දුවාරය යොමු කළ හසන් මහ්මුද් විසින් පන්දු යවන අන්තයේ රැදී සිටි ඉෂ් සෝදි සීමා ඉරෙන් පිටත රැදී සිටීම හේතුවෙන් පන්දුව පිතිකරුවා වෙත යොමු නොකර සිය අන්තයේ පිහිටි කඩුල්ල බිද හෙලීමට කටයුතු කළා.

අනතුරුව එය දැවී යාමක් ලෙස තෙවන විනිසුරු විසින් ද තහවුරු කළා.

කෙසේ වෙතත්, සෝදි ක්‍රීඩාංගනයෙන් ඉවත් වීමට පෙර බංග්ලාදේශ නායකයාගේ මැදිහත් වීමෙන් ඔහුව යළි පිතිකරණයේ නිරත වීම සදහා කැදවීමටයි කටයුතු කෙරුණේ.

එලෙස ආපසු සිය සීමාව වෙත යමින් සිටියදී සෝදි විසින් මහ්මුද්ව වැලද ගැනීම ද බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සිදු වීමක් බවට පත් වුණා.

අදාළ දුවද්දී දැවී යාම සිදු වන විට සෝදි පන්දු 26 කින් ලකුණු 17 ක් ලබා සිටි අතර, එම සිදු වීමෙන් අනතුරුව ඔහු පන්දු 13 කින් ලකුණු 18 ක් රැස් කළා.

නවසීලන්තය පන්දුවාර 49.2 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 254 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...