තරග රටා ත්‍රිත්වයේම පෙරමුණ හිමි කර ගනිමින් ඉන්දියාව ඉතිහාසගත වෙයි

Date:

දකුණු අප්‍රිකාවට පසුව තරග රටා ත්‍රිත්වයෙන්ම එකම අවස්ථාවක ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය හිමි කර ගත් එකම රට බවට පත් වීමට ඉන්දියාව මේ වන විට සමත්ව තිබෙනවා.

ඒ, ඔස්ට්‍රේලියාව සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලැබූ කඩුලු 5ක ජයත් සමගයි.

ඒ අනුව මෙතෙක් එක්දින ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ පසු වූ පාකිස්තානය දෙවැනි ස්ථානයට ඇද දමමින් එහි පළමු ස්ථානය හිමි කර ගැනීමට ඉන්දියාව සමත්ව සිටිනවා.

20යි 20 හා ටෙස්ට් යන තරග රටාවලද මේ වන  විට ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන්නේ ඉන්දියාවයි.

මීට පෙර 2012 වසරේ දී දකුණු අප්‍රිකාව මෙලෙස තරග රටා ත්‍රිත්වයේම පළමු ස්ථානය හිමි කර ගෙන තිබුණා.

ඒ අනුව දකුණු අප්‍රිකාව හා ඉන්දියාව හැරුණු විට ක්‍රිකට් ඉතිහාසයේ දී වෙනත් කිසිදු කණ්ඩායමක් මෙම දක්ෂතාවය දැක්වීමට සමත්ව නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...