ෂාමිගේ කඩුලු 5 හා රුටුරාජ්-ගිල් සුපිරි සම්බන්ධතාවය හමුවේ ඉන්දියාවට කඩුලු 5 ක ජයක්

Date:

සංචාරක ඔස්ටේ්‍රලියානු කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම අද සමත් වුණා.

මොහාලි හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ටේ්‍රලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 276 ක් ලබා ගත්තා.

ඩේවිඩ් වෝනර් ලකුණු 52 ක්, ජොෂ් ඉන්ග්ලිස් ලකුණු 45 ක් හා ස්ටීවන් ස්මිත් ලකුණු 41 ක් රැස් කළා. මර්නස් ලබුෂේන් ලකුණු 39 යි.

පන්දු යැවීමේ දී මොහමඩ් ෂාමි ලකුණු 51 කට කඩුලු 5 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව ඉනිම නිමා වීමට පන්දු 8 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ආරම්භක කඩුල්ල සදහා ලකුණූ 142 ක සම්බන්ධතාවයක් පිහිටුවීමට ෂුබ්මන් ගිල් හා රුටුරාජ් ගයික්වඩ් සමත් වුණා. ගිල් ලකුණු 74 ක් ද, රුටුරාජ් ලකුණූ 71 ක් ද ලබා ගත්තා.

නායක කේ එල් රාහුල් නොදැවී ලකුණූ 58 ක් රැස් කළ අතර, සූර්යකුමාර් යාදව් ලකුණු 50 කට දැවී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...