සෝදිගේ කඩුලු 6 හමුවේ බංග්ලාදේශයට ලකුණු 86 ක පරාජයක්

Date:

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 86 ක ජයක් වාර්තා කිරීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම අද(23) සමත් වුණා.

මීර්පූර්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 49.2 ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 254 ක් රැස් කළ අතර, පිළිතුරු ඉලස බංග්ලාදේශයට පන්දුවාර 41.1 කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 168 ක් පමණයි.

නවසීලන්තය වෙනුවෙන් ටොම් බ්ලන්ඩල් ලකුණු 68 ක්, හෙන්රි නිකල්ස් ලකුණු 49 ක් හා ඉෂ් සෝදි ලකුණු 35 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී කලෙඩ් අහ්මඩ් හා මහෙදි හසාන් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

බංග්ලාදේශ පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු 49 ක් ලබා ගත් මහ්මුදුල්ලාහ්. තමිම් ඉක්බාල් ලකුණු 44 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ඉෂ් සෝදි කඩුලු 6ක් දවා ගත්තේ ලකුණු 39 ක් ලබා දෙමින්.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරග 1-0 ක් ලෙස මේ වන විට නවසීලන්තය පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

දෙරට අතර පැවැති පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරවයි නිමා වුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...