සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 48 ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.
නොටින්හැම්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්තයේ ආරාධනයෙන් පිටියට පිවිසි එංගලන්ත පිතිකරුවන් නියමිත පන්දුවාර 50 අවසන් කළේ කඩුලු 8 ක් දැවී ලකුණු 334 ක් ලබා ගනිමින්.
විල් ජැක්ස් ලකුණු 94 ක් හා සෑම් හේන් ලකුණු 89 ක් රැස් කළා. පන්දු යැවීමේ දී ජෝර්ජ් ඩොක්රෙල් ලකුණු 43 කට කඩුලු 3 ක් හා ක්‍රෙයිග් යන්ග් ලකුණු 38 කට කඩුලු 2 ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තයට පන්දුවාර 46.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 286 ක් පමණයි.
ජෝර්ජ් ඩොක්රෙල් ලකුණු 43 ක්, බැරී මැකාති ලකුණු 41 ක් හා ක්‍රෙයිග් යන්ග් නොදැවී ලකුණු 40 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී රෙහාන් අහ්මඩ් ලකුණු 54 කට කඩුලු 4 ක් දවා ගත් අතර, ජෝර්ජ් ස්ක්රිම්ශෝ කඩුලු 3 ක් බිද හෙලුවා.
ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරග 1-0 ක් ලෙස මේ වන විට එංගලන්තය පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.
දෙරට අතර පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමටයි පියවර ගෙන තිබුණේ.

