වනිදු හසරංගට ලෝක කුසලානය අහිමි වෙයි

Date:

ශ්‍රී ලංකා දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට එළඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වනු ඇති බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

ඒ, ඔහුගේ පාදයක සිදුව ඇති ආබාධ තත්ත්වයක් හේතුවෙන්.(grade three hamstring tear)

ආබාධය හේතුවෙන් ඔහුට සති 4-6 අතර කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත් වීමට සිදු වනු ඇති බව සදහන්.

ඔහුගේ තත්ත්වය සම්බන්ධයෙන් විදෙස් වෛද්‍යවරු සමග ද සාකච්ඡා කරන බවත්, අවශ්‍ය වුවහොත් වනිදුට ශල්‍යකර්මයකට මුහුණ දීමට සිදු වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පත වෙත සදහන් කර තිබෙනවා.

එසේ ශල්‍යකර්මයකට ලක් වීමට සිදුවුවහොත් ඔහුට අවම වශයෙන් මාස 3 ක පමණ කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත් වීමට සිදු වනු ඇති.

පාදයක සිදු වූ ආබාධයක් හේතුවෙන් ඔහුට නිමා වූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ද ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.

අනතුරුව ඔහු පුනරුත්තාපන කටයුතුවල නිරත වෙමින් සිටින අතරතුර දී යි වනිදු යළි ආබාධයකට ලක් වූ බවට තොරතුරු වාර්තා වුණේ.

ලෝක කුසලාන තරගාවලිය එළඹෙන 5 වැනිදා ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිතයි.

තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය මෙතෙක් නිල වශයෙන් නිවේදනය කර නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...