Watch : දින 224 කට පසු ජාත්‍යන්තර පිටියට ආ කෝලි ලකුණු නොලබාම දැවී ගිය හැටි

Date:

කලකට පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි විරාත් කෝලිට අද ලකුණු නොලබා දැවී යාමට සිදු වුණා.

ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේදීයි ඔහු පන්දු 8කදී ලකුණු බින්දුවකට දැවී ගියේ.

මිචෙල් ස්ටක් යොමු කළ පන්දුවකට Cooper Connolly අතට උඩ පන්දුවක් ලබා දෙමින් කෝලි දැවී ගියා.

කෝලි අවසන් වරට ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කළේ පසුගිය මාර්තු 9 වැනිදායි. ඒ අනුව ඔහු දින 224 කට පසුවයි අද දිනයේදී යළි ජාත්‍යන්තර පිටියට පිවිසුණේ.

පර්ත්හීදී පැවැත්වෙන මෙම තරගයට වර්ෂාවෙන් සිදු වූ බලපෑම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 26 කට සීමා කෙරුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...