ලොවම මවිත කළ ස්ටක්ගේ පැ.කි.මී 176.5 ක වේග පන්දුවේ ඇත්ත කතාව මෙන්න

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියාව අතර අද පර්ත්හීදී පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයේදී මිචෙල් ස්ටක් යොමු කළ පන්දුවක් කෙරෙහි බොහෝ දෙනෙකුගේ වැඩි අවධානයක් යොමු වුණා.

ඒ, එම පන්දුවේ වේගය පැයට කිලෝ මීටර් 176.5 ක් ලෙස සටහන්ව තිබීම හේතුවෙන්.

තරගයේ රෝහිත් ෂර්මාට එරෙහිව යොමු කළ පළමු පන්දුවේ වේගයයි මෙලෙස පැයට කිලෝ මීටර් 176.5 ක් ලෙස සටහන් වුණේ.

එය නිවැරැදි දත්තයක් නම් එම පන්දුව ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා වූ වේගවත්ම පන්දුව ලෙස වාර්තා අතරට එක් වනවා.

කෙසේ වෙතත්, මෙම අවස්ථාවේදී පන්දුවේ වේගය මනිනු ලබන උපකරණයේ (speed gun) තාක්ෂණික දෝෂයක් හේතුවෙන් පන්දුවේ වේගය එවැනි අගයක් දක්වා ඇති බවටයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම පන්දුව යොමු කිරීමේ වාර්තාවට තවමත් හිමිකම් කියන්නේ පාකිස්තානයේ ශොයිබ් අක්තාර්. ඔහු 2003 වසරේදී පැයට කිලෝ මීටර් 161.3 ක වේගයෙන් පන්දුවක් යොමු කරමින් එම වාර්තාව පිහිටුවනු ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...