Watch : නවසීලන්තයේ සුපිරි පන්දු යැවීම හමුවේ එංගලන්තයේ පළමු කඩුලු 4 ලකුණු 10 කට දැවී යයි

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 4ක ජයක් ලැබීමට නවසීලන්තය අද සමත් වුණා.

Mount Maunganui හීදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 35.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 223 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 36.4 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

එංගලන්ත ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 10 ක් තුළ බිද වැටුණු පසුබිමකයි ඔවුන් ලකුණු 223 ක් කරා සිය ඉනිම ගොඩ නැගීමට සමත් වුණේ. කෙසේ වෙතත්, එංගලන්තය වෙනුවෙන් ලකුණු 10 සීමාව පසු කළේ නායක හැරී බෲක් හා ජෙමී ඕවර්ටන් පමණයි.

ඕවර්ටන් ලකුණු 46 ක් ලබා ගත් අතර, සුපිරි ශතකයක් වාර්තා කළ බෲක් ලකුණු 135 ක් පන්දු 101 කින් වාර්තා කළා. ඒ, හයේ පහර 11 ක් හා හතරේ පහර 9 ක් සමගින්.

පන්දු යැවීමේදී සකාරි ෆෝල්ක්ස් ලකුණු 41 කට කඩුලු 4 ක් දවා ගත්තා.

පිළිතුරු නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නොදැවී ලකුණු 78 ක් ලබා ගත් ඩැරල් මිචෙල්. මයිකල් බ්‍රේස්වෙල් ලකුණු 51 යි.

පන්දු යැවීමේදී බ්‍රයිඩන් කර්ස් ලකුණු 45 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

එංගලන්තයේ පළමු කඩුලු 4 ලකුණු 10 කට දැවී ගිය ආකාරය මෙන්ම හැරී බෲක්ගේ සුපිරි ශතකය ද ඇතුළත් තරගයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...