ශ්‍රී ලංකාව හා පාකිස්තානයට ඇෆ්ඝනිස්තානය බෑ කියයි

Date:

ලබන මාසයේදී ශ්‍රී ලංකාව, පාකිස්තානය සමග ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ තුන්කොන් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට ඇෆ්ඝනිස්තානය තීරණය කර තිබෙනවා.

ඒ, පාකිස්තානය හා ඇෆ්ඝනිස්තානය අතර දේශසීමා ගැටුම්වලදී දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු මිය යාමේ සිද්ධියත් සමගයි.

එය “ඛේදජනක සිදුවීමක්” ලෙස පෙන්වා දෙමින් “වින්දිතයින්ට ගෞරව කිරීමේ ක්‍රියාවක් ලෙස” ඉදිරියේදී පැවැත්වීමට නියමිත තුන්කොන් විස්සයි 20 තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කළ බවයි ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය පැවසුවේ.

පසුගිය මාසයේදී මෙම තුන්කොත් තරගාවලිය සංවිධාන කිරීමට තීරණය කළ අතර, තරගාවලිය නොවැම්බර් 17 වැනිදා සිට 29 වැනිදා දක්වා පාකිස්තානයේ ලාහෝර් හා රාවල්පින්ඩිහීදී පැවැත්වීමට නියමිතව තිබුණා.

ඇෆ්ඝනිස්තානය ගත් තීරණය සම්බන්ධයෙන් පාකිස්තානය මෙතෙක් ප්‍රකාශයක් සිදු කර නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...