Watch : තෙවාටියාට පෙර දෝනි පෑ විස්කම

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 16 වන තරගය ඊයේ (08) දිනයේදි නිමාව දුටුවේ නරඹන්නන් හට අමතක නොවන අත්දැකීමක් ඉතිරි කර දෙමින්.

මෙම තරගයේදි පංජාබ් කිංග්ස් කණ්ඩායම ලබා දුන් ලකුණු 190 ක ඉලක්කය හඹා ගිය ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6 කින් ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණා.

තරගය ජය ගැනීම සදහා අවසන් පන්දු 2 තුළ දී ලකුණු 12 ක් ලබා ගැනීමට අවශ්‍යව තිබූ අතර කඩුල්ලේ රැඳී සිටි තුන් ඉරියව් ක්‍රීඩක රාහුල් තෙවාටියා තරගය අවසන් කළේ දැවැන්ත හයේ පහරවල් දෙකකින්. ඔහු මුහුණ දුන් පන්දු 3 තුළදි නොදැවී ලකුණු 13 ක් රැස් කිරීමට සමත් වුණා.

පංජාබ් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් එම පන්දුවාරය යොමු කළේ ඕඩියන් ස්මිත් විසින්.

රාහුල් තෙවාටියාගේ මෙම ජයග්‍රාහී කෙටි ඉනිම වාර්තා වුණේ අයි.පී.එල්. ඉතිහාසය තුල අවසන් පන්දු 2 තුළ ජයග්‍රහණය සදහා ලකුණු 12 ක් අවශ්‍යව තිබූ අවස්ථාවක පිට පිට හයේ පහරවල් 2 ක් වාර්තා කරමින් තරගයක් ජය ගත් දෙවන අවස්ථාව ලෙසයි.

මීට පෙර එම වාර්තාවට උරුමකම් කීවේ මහේන්ද්‍ර සිං දෝනි. දෝනි 2016 වසරේ දී රයිසින් පූනේ සුපර් ජයන්ට්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන අතරතුරයි ඔහු එම දක්ෂතාවය දක්වනු ලැබුවේ.

එහදි Kings XI Punjab ( Punjab Kings ) කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කළ තරගයකදි දෝනි විසින් මෙම දස්කම දක්වනු ලැබුවා.

පංජාබ් කණ්ඩායම වෙනුවෙන් එම පන්දුවාරය යොමු කළේ අක්සාර් පටෙල්.

එම පන්දුවාරයේදි ලකුණු 23 ක් වාර්තා කිරීමට දෝනි සමත්වුණා. එහිදී වඩාත් සුවිශේෂී කරුණක් වූයේ අවසන් පන්දු 2 සදහා ලකුණු 12 ක් අවශ්‍යව තිබියදි ඔහු එල්ල කළ දැවැන්ත හයේ පහරවල් ද්විත්වයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...