ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගයෙන් පංජාබ් කිංග්ස් කණ්ඩායම පරදා කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණූ සටහනේ දෙවැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අද(8) සමත් වුණා.
මුම්බායි හි Brabourne ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ගුජරාට් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.
මෙම තරඟය සඳහා පන්ජාබ් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ අවස්ථාව භානුක රාජපක්ෂට අහිමි වුණේ ඔහු වෙනුවට ජොනී බෙයාර්ස්ටව් කණ්ඩායමට කැදවීමට තීරණය කිරීම හේතුවෙන්.
මෙම තරගයේදීද පංජාබ් ඉනිම ආරම්භ කළේ නායක මයාන්ක් අගාර්වල් සමගින් ශිකර් දවාන්. මයාන්ක්ට මෙම තරගයේදීද සාර්ථක වීමට හැකි වූයේ නැහැ. ඔහු ලකුණු 5 කට දැවී ගියා.
අනතුරුව පිටියට පිවිසි ජොනී බෙයාර්ස්ටව්ට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 8(8)ක් පමණයි. ශිකර් ධවාන් ලකුණු 35කට දැවී ගියා.
සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ලියම් ලිවින්ග්ස්ටන් පන්දු 27ක් පමණක් වැය කරමින් ලකුණු 64ක් රැස් කළා. ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් හා හතරේ පහර 7ක් ඇතුළත්.
ඒ අනුව නියමිත පන්දුවාර 20 තුළ පංජාබ් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 189ක්.
පන්දු යැවීමේ දී රෂීඩ් ඛාන් ලකුණු 22කට කඩුලු 3ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගුජරාට් කණ්ඩායම ඉනිමේ අවසන් පන්දුවේ දී ජයග්‍රහනය වාර්තා කළේ කඩුලු 4ක් දැවී සිටියදීයි.
මැතිව් වේඩ් යළිත් අසාර්ථක වෙමින් ලකුණු 6කට දැවී ගියා. ෂුබ්මන් ගිල් ලකුණු 96ක් ලබා ගත්තේ පන්දු 59කින්. ඒ, හයේ පහරක් හා හතරේ 11ක් සමගින්.
Sai Sudharsan ලකුණු 35ක් රැස් කළා. හර්ඩික් පාන්ඩ්යා ලකුණු 27ක් ලබා සිටියදී දුවද්දී දැවී ගියා.
තරගය ජය ගැනීම සදහා අවසන් පන්දු තුනේ දී ලකුණු 13ක් ලබා ගැනීමට ගුජරාට් කණ්ඩායමට අවශ්‍ය වුණා.
ඔඩියන් ස්මිත් යොමු කළ එම පන්දුවාරයේ සිව්වැනි පන්දුවට ඩෙිව්ඩ් මිලර් මුහුණ දුන් අතර, ඔහු එල්ල කළ පහරකින් පසුව පන්දුව කෙළින්ම ඇදී ආවේ පන්දු යවන්නා අතටයි.
ඒ අනුව නිලකුණු පන්දුවක් ලෙස එම පන්දුව අවසන් කරමින් තරගය පරාජයට පත් වීමේ අවධානමෙන් ගැලවීමට (සුපිරි පන්දුවාරයක් කරා හෝ තරගය රැගෙන යාමට) පංජාබ් කණ්ඩායමට අවස්ථාව උදා වූ නමුත්, ඔඩියන් ස්මිත් විසින් අනවශ්‍ය ලෙස පන්දුව සිය අන්තයේ කඩුල්ල වෙත විසි කරනු ලැබුවේ රාහුල් තෙවාටියා දුවද්දී දවා ගැනීමේ අරමුණින්.
කෙසේ වෙතත්, කඩුල්ලේ නොවැදුණු පන්දුව ලෝන් ඔෆ් කලාපය වෙත ඇදී ගිය අතර, වහා ක්‍රියාත්මක වූ තෙවාටියා හා මිලර් එක් ලකුණක් සදහා පැති මාරු කර ගත්තා.
අනතුරුව අවසන් පන්දු දෙකේ දී තරගය ජය ගැනීමට ලකුණු 12ක් ලබා ගැනීමට ගුජරාට් පිලට අවශ්‍ය වුණා. එම ලකුණු ප්‍රමාණය හයේ පහර දෙකක් එල්ල කරමින් සපුරා ගැනීමට තෙවාටියා සමත් වුණේ ගුජරාට් කණ්ඩායමට සුපිරි ජයක් හිමි කර දෙමින්.
තෙවාටියා පන්දු 3කින් ලකුණු 13ක් නොදැවී රැස් කළා.
පන්දු යැවීමේ දී කාගිසෝ රබාඩා කඩුලු 2ක් හා රාහුල් චහාර් එක් කඩුල්ලක් බිද හෙලුවා.
— cric fun (@cric12222) April 8, 2022
— cric fun (@cric12222) April 8, 2022

