ICC රැස්වීම අතරතුර ලංකාවේ අර්බුදය ගැනත් අවධානය ; ආසියානු කුසලානයත් අවධානමේ

Date:

ජගත් ක්‍රිකට් කවුන්සලයේ (අයි.සී.සී) මණ්ඩල හා කමිටු රැස්වීම් (ICC Board and Committee Meetings) මේ දිනවල ඩුබායි හී දී පැවැත්වෙනවා.

එහිදී කාන්තා ටෙස්ට් තරග පිළිබද වැඩි අවධානයක් යොමු කර ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

කඩිනමින් කාන්තා ලෝක ටෙස්ට් ශූරතාවලියක් ආරම්භ කිරීමට සැලසුම් කර නැතත්, කාන්තා ටෙස්ට් තරග ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් අයි.සී.සී රැස්වීම්වලදී සාකච්ඡාවට බදුන් වනු ඇති.

මේ අතර, මෙම අයි.සී.සී රැස්වීම්වලට සමගාමීව ශ්‍රී ලංකාවේ පවතින වත්මන් අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ද සමාලෝචනයක් සිදු වීමට ඉඩ ඇති බව සදහන්.

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත එළඹෙන ආසියානු කුසලාන තරගාවලියේ ඉරණම සම්බන්ධයෙනුයි එහිදී අවධානය යොමු වන්නේ.

ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සභාපති ජේ ෂාහ් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඇතුළු ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සාමාජිකයින් ද මේ වන විට ඩුබායි හි රැදී සිටිනවා.

පවතින තත්ත්වය මත ආසියානු කුසලානයේ ඉරණම කුමන මාර්ගයක් ගනීවිදැයි මෙතෙක් නිශ්චිත තොරතුරක් වාර්තා වන්නේ නැහැ.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම ද ජූනි හා ජූලි මාසවලදී ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වීමට නියමිතව ඇති අතර, ආසියානු කුසලාන තරගාවලිය  අගෝස්තු 27 වනදා සිට සැප්තැම්බර් 11 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව ද්විපාර්ශ්වික තරගාවලි මෙරට තුළ පැවැත්වෙන ආකාරය මත පදනම්ව ආසියානු කුසලාන තරගාවලියේ ඉරණම සම්බන්ධයෙන් ආසියානු ක්‍රිකට් කවුන්සලය අවසන් තීරණයක් ගනු ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...