Watch : තුෂාර බිද හෙලූ සුපිරි කඩුලු ත්‍රිත්වය මෙන්න

Date:

ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර 20යි 20 තරගයකදී කඩුලු ත්‍රිත්වයක් බිද හෙලූ 5 වැනි ක්‍රීඩකයා බවට පත් වීමට වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර අද(9) සමත් වුණා.

ඒ, බංග්ලාදේශය සමග පැවැත්වෙන ‌තෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ දී යි.

එම තරගයේ දී ශ්‍රී ලංකාවෙන් ලද ලකුණු 175 ක ඉලක්කය හඹා යමින් සිටි බංග්ලාදේශ කණ්ඩායමේ නජ්මුල් හොසේන් ශන්තෝ, තව්හිද් හ්රිදෝයි හා මහ්මුදුල්ලාහ් පිට පිට පන්දු තුනකදී දවා ගනිමින් නුවන් තුෂාර මෙම කඩුලු ත්‍රිත්වය බිද හෙලුවා.

බංග්ලාදේශ ඉනිමේ සිව්වැනි පන්දුවාරයේ දෙවැනි, තෙවැනි හා සිව්වැනි පන්දුවලදී ඔහු සිය කඩුලු ත්‍රිත්වය දවා ගත්තා.

මීට පෙර තිසර පෙරේරා, ලසිත් මාලිංග (දෙවරක්), අකිල ධනංජය හා වනිදු හසරංග 20යි 20 ජාත්‍යන්තර තරගවලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයක් දවා ගෙන තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...