කඩුලු ත්‍රිත්වයක් සමග තුෂාර බිද හෙලූ කඩුලු 5 හා මෙන්ඩිස්ගේ 86 හමුවේ තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

Date:

කඩුලු ත්‍රිත්වයක් සමග නුවන් තුෂාර ප්‍රදර්ශනය කළ අති විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ බංග්ලාදේශය සමග පැවැති තෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 28 ක ජයක් වාර්තා කරමින් තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(9) සමත් වුණා.

සිල්හෙට් හි පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 175 ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශයට පන්දුවාර 19.4 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 146 ක් පමණයි.

ඉනිමේ පළමු කඩුලු හය ලකුණු 32 ක් තුළ බිද වැටුණා. බංග්ලාදේශ ඉනිමේ සිව්වැනි පන්දුවාරයේ දෙවැනි, තෙවැනි හා සිව්වැනි පන්දුවලදීයි තුෂාර සිය කඩුලු ත්‍රිත්වය දවා ගැනීමට සමත් වුණේ. ඔහුගේ පන්දු හමුවේ පිට පිට දැවී ගියේ නජ්මුල් හොසේන් ශන්තෝ, තව්හිද් හ්රිදෝයි හා මහ්මුදුල්ලාහ්.

මීට පෙර තිසර පෙරේරා, ලසිත් මාලිංග (දෙවරක්), අකිල ධනංජය හා වනිදු හසරංග 20යි 20 ජාත්‍යන්තර තරගවලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයක් දවා ගෙන තිබුණා.

ඉනිමේ 7 වැනි කඩුල්ල සදහා මහෙදි හසාන් හා රිෂාද් හොසේන් ලකුණු 44 (31) ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා. මහෙදි ලකුණු 19 කට දැවී ගිය අතර, සටන්කාමී ඉනිමක් දියත් කරමින් බංග්ලාදේශයට බලාපොරොත්තුවක් ගෙන ආ රිෂාද් පන්දු 30 කින් ලකුණු 53 ක් රැස් කළා. ටස්කින් අහ්මඩ් ලකුණු 31 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී මතීෂ පතිරණට දෙවැනි විස්සයි 20 තරගයේ දී සිදු වූ ආබාධය හේතුවෙන් මෙම තරගයට කැදවූ නුවන් තුෂාර ලකුණු 20 කට කඩුලු 5 ක් දවා ගත් අතර, වනිදු හසරංග ලකුණු 32 කට කඩුලු 2 දවා ගත්තා.

බංග්ලාදේශයේ ආරාධනයෙන් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලකුණු 174 ක් ලබා ගත්තේ කඩුලු 7ක් දැවී සිටියදීයි.

අවිශ්ක ප්‍රනාන්දු වෙනුවට කණ්ඩායමට කැදවූ ධනංජය ද සිල්වා මෙම තරගයේ දී කුසල් මෙන්ඩිස් සමග ඉනිම ආරම්භ කළ අතර, ‌ධනංජය ලකුණු 8කට දැවී ගියා.

කමිදු මෙන්ඩිස් ලකුණු 12 කටත්, වනිදු හසරංග ලකුණු 15කටත් දැවී ගිය අතර, චරිත් අසලංක ලබා ගත්තේ ලකුණු 3ක් පමණයි.

විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස් පන්දු 55 කින් ලකුණු 86 ක් රැස් කළා. හයේ පහර හා හතරේ පහර 6 බැගින් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 10 යි. දසුන් ශානක පන්දු 9කින් ලකුණු 19 ක් ලබා ගත්තා. සධීර සමරවික්‍රම නොදැවී ලකුණු 7යි.

පන්දු යැවීමේ දී ටස්කින් අහ්මඩ් හා රිෂාද් හොසේන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...