Watch : ගුර්බාස් දවා ගැනීමට ඉසුරු උදාන රැක ගත් සුපිරි උඩ පන්දුව

Date:

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන International League T20 හෙවත් 20යි 20 ජාත්‍යන්තර ලීගය යටතේ අද(21) පැවැති තරගයකදී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට ඩුබායි කැපිටල්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ඉසුරු උදාන සමත් වුණා.

සාජා වොරියර්ස් කණ්ඩායම සමග ඩුබායි හී දී පැවැති තරගයේ දී යි ඔහු මෙම සුවිශේෂී උඩ පන්දුව රැක ගනු ලැබුවේ.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඩුබායි කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 177 ක් ලබා ගත්තා.

ජෝ රූට් නොදැවී ලකුණු 80(54) ක් ලබා ගත් අතර, නායක රොව්මන් පවෙල් ලකුණු 44(27) ක් රැස් කළා. පන්දු යැවීමේ දී ක්‍රිස් වෝක්ස් හා නවීන් උල් හක් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සාජා කණ්ඩායම පන්දුවාර 14.4 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කරමින් මෙම තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට සමත් වුණා.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ටොම් කොහ්ල-කැඩ්මෝර් පන්දු 47 කින් වේගවත් ලකුණු 106 ක් නොදැවී ලබා ගත්තා.

සාජා ඉනිමේ දී රහ්මනුල්ලාහ් ගුර්බාස්ගේ කඩුල්ල දවා ගැනීම සදහායි ඉසුරු උදාන විසින් සුපිරි උඩ පන්දුවක් රැක ගනු ලැබුවේ. (දර්ශන පහතින්)

උඩ පන්දුව රැක ගැනීමේ දී ඔහු යම් ආබාධයකට ද ලක් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...